ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ මංගල්‍යයට දින නියම කරයි

ජූනි 07, 2019

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ 2019 වසරේ ඇසළ මංගල්‍යයට දින නියම කර තිබේ.

    පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 2වැනිදා සිදු කෙරේ. පළමු කුඹල් පෙරහැර අගෝස්තු 5 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි. රන්දෝලි පෙරහැර අගෝස්තු 10 වැනිදා ආරම්භ කෙරේ. 14 වැනිදා අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බව අද පැවති සාකච්ජාවකින් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කර තිබේ.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 20:41

    Latest News