මුදල් ඇමතිගේ නමින් සැරිසරන ලිපියකට පරික්ෂණයක් ඉල්ලයි

ජූනි 07, 2019

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශුද්ධෝත්තම පාප් වහන්සේ නමට වතිකානය වෙත යවන ලද ලිපියක් ලෙසින් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් යැයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් විර්මෂණයක් පවත්වන ලෙස මුදල් අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ ලිපියක් යොමු කරමින් අද (07) ඉල්ලීමක් කර තිබේ. 

    එවැනි ලිපියක් අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් කිසිදු හේතුවක් මත නිකුත් කර නොමැති බව එම නිවේදනයේ සඳහන්වේ. අමාත්‍යවරයා කිසිවිටෙකත් රාජකාරී ලිපි යැවීමේ දී පාර්ලිමේන්තු ලිපි ශීර්ෂ භාවිතා නොකරන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි සකස් කිරීමේ දී සිංහල භාෂාවෙන් අත්සන යෙදීම සිදු නොකරන බව පවසයි. 

    අදාළ ව්‍යාජ ලිපිය අමාත්‍යවරයාගේ නමට අගතියක් සිදු කිරීමේ අභිලාශයෙන් හිතාමතා සහ වෛරී සහගත අරමුණින් යුතු කිසිවකු විසින් කූට ලෙස සකස් කර ප්‍රචාරය කරන්නට ඇතැයි විශ්වාස කරන බව හල්ලොලුව මහතා යොමු කර ඇති ලිපියේ දැක්වේ.

    එබැවින් මේ පිළිබඳ වහාම විධිමත් පරීක්‍ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් කිරීමටත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Latest News