නවීන සංනිවේදන උපකරණ සමඟ 03ක් මාට්ටු: වීසා නොමැති චීන ජාතිකයෙක් ඒ අතර

ජූනි 07, 2019

    පොලිස් විශේෂ කාර්ය බලකාය මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ කළ වැටලීමකින් අති නවීන ජංගම සුරකථන ඇතුළු සංනිවේදන උපකරණ සමගින් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුම මෙම වැටලීම සිදුකර ඇත.

    සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙකු නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවට ලද මෙම තොරතුර කට අනුව අද උදෑසන මෙම වැටලීම සිදුකර ඇතැයි පොලිස් ප්‍රකාශක කාර්යාලය පවසයි. එ අනුව නිවස පරික්ෂාවේදි අති නවීන ජංගම දුරකථන 402ක්, විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්කාඩ් 17400ක්, රවුටර් 60ක් සහ අධි සන්නිවේදන උපකරණ රැසක් සොයා ගෙන තිබේ.

    වැටලීමෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉතිරි දෙදෙනාගෙන් එක් අයෙකු කල්පිටියේ පදිංචිකරුවෙකු වන අතර එනෙක් පුද්ගලයා චීන ජාතිකයෙකි. ඔහු වීසා නොමැතිව මෙරට රැඳි සිටි බවට තොරතුරු අනාවරනයවි තිබේ.

    සංනිවේදන ක්‍රියාවලියේ ජාත්‍යනතර දුරකථන ඇමතුම් ලබා ගැනිමේදි මෙම සංනිවේදන උපකරණ භාවිතා කර වංචාවන් සිදුකර ඇති බවට තොරතුරු හෙලිවි ඇත. වැඩි දුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිළධාරින්ගේ සහය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    Latest News