සංචාරක නැවක් හම්බන්තොටට; ලංකාව සාමකාමී සංචාරකයෝ කියති (වීඩියෝ)

ජූනි 06, 2019

    ජර්මනියේ එම්. එස්. යුරෝපා නැමති නෞකාවකින් ශ්‍රී ලංකාවට පැමිණි 350 දෙනෙකුගෙන් සමන්විත විදේශීය සංචාරකයන් පිරිසක් හම්බන්තොට වරායෙන් ගෙඩබැස තිබේ.

    මෙම පිරිස ලෝකයේ රටවල් කීපයක සංචාරයේ යෙදෙන ධනවතුන් පිරිසකි. එම සංචාරකයන්ගෙන් තිස් දෙනෙකුගෙන් යුත් පිරිසක් ඇල්ල ප්‍රදේශයට පැමිණ රාවනාඇල්ල , තේවගාවන්, ඇල්ල සතිපොල නරඹා ඇල්ල ‍හල්පෙ තේ කම්හල යන ස්ථානවල සංචාරයේ නිරනව ඇත.

    එහිදී අදහස් දැක්වූ සංචාරකයන්.....
    සැමදාම වගේ ශ්‍රී ලංකාව ඉතා මිත්‍රශීලි රටක් මෙහි මිනිස්සු හරිම කරුණාවන්තයි. අපි හුඟක් සතුටුයි. අපි ගොඩක් දේවල් මෙහදි ඉගෙන ගන්නවා. මෙරට සාමාන්‍යයෙන් සාමකාමී මෙම එක් සිදුවීමක් නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මෙහි සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් වේ යැයි කියා.

    අඩපන වූ සංචාරක කර්මාන්තය යළි පණ ලබමින් තිබෙන අතර මෙම සංචාරක පිරිසට අමතරව තවත් සංචාරයකයන් රැසක් ඇල්ල ප්‍රදේශයේ දැකිය හැකි බව අප වාර්තාකරු සඳහන් කරයි. පාස්කු ඉරිදායින් පසුව ක්‍රමක්‍රමයෙන් යළි සංචාරකයන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය ගොඩනැගෙමින් පැමිණෙන සංචාරයන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව වාර්තාවේ.

    Latest News