කේරළ ගංජා සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් මාට්ටු

ජූනි 06, 2019

    නාවික හමුදා භට පිරිස් විසින් ඊයේ (05) මන්නාරම මුහුදේ සිදු කළ මුර සංචාරයක් දී අතහැර දමා තිබූ ට්‍රෝලර් යාත්‍රාවක තිබි කේරළ ගංජා කිලෝ 140.760 ක් සොයාගෙන තිබේ.

    උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍ර‍දේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි නැංගුරම් ලා තිබූ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, එහි තිබි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත. තවද, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර දමා පුද්ගලයින් පලා ගොස් ඇති බවට සැක පළ කෙරේ.

    සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය සහ ට්‍රෝලර් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, පොලිසිය වෙත භාරදී ඇත.

    Latest News