අනාරක්ෂිත දුම්රිය මගට ඇමතිගෙන් යෝජනාවක්

ජූනි 05, 2019

    දුම්රිය සේවය සඳහා සීනු සහ ආලෝක දුම්රිය සංඥා සහිත හරස් මාර්ග ආරක්‍ෂණ පද්ධති 200ක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙරට දුම්රිය ප්‍රවාහන සේවය නංවමින් කාර්යක්‍ෂම සේවාවක් සැපයීම අරමුණයි.

    එම ආරක්‍ෂණ පද්ධති සැපයීම, පරීක්‍ෂා කිරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තුව සඳහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට නියමිතයි.

    ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 8.18ක මුදලක් ප්‍රදානය කෙරේ. එය පිරිනැමෙන්නේ, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා යෝජනාව ඉදිරිපත් කළේය.

    Latest News