මීතොටමුල්ල කසල කන්දේ අවසානය ළඟාවේ

ජූනි 05, 2019

    මීතොටමුල්ල කසල අංගනය, සොඳුරු නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව හා රුක් රෝපණ වැඩසටහන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) උදේ පැවැත්විණ.

    ඒ, මීතොටමුල්ල යෝජිත නාගරික උද්‍යාන ව්‍යාපෘති පරිශ්‍රයේ දී. මීතොටමුල්ල කුණු කන්දට කසල බැහැර කිරීම ආරම්භ වන්නේ, 2008 වසරේදී. ඒ, බ්ලූමැන්ඩල් කුණු කන්දට කසල බැහැර කිරීම අත්හිටුවීමත් සමඟයි. මීතොටමුල්ලට දිනක දී බැහැර කරනු ලබන කසල ප්‍රමාණය ටොන් 800ක් බව, එකල වාර්තා විය. එකල පොතුවිල් කුඹුර ලෙස හඳුන්වන ලද වෙල්යායක් මේ අයුරින් කුණු කන්දක් බවට පත්වී මහා විනාශයක් සිදුකර මිනිස් ජීවිත රැසක් බිලිගත්තේය. එම ප්‍රදේශය දර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගැණින. එය නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට හැකිවීම ලැබූ ජයග්‍රහණයක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    එම වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...

    “මේකෙන් මේ පළාතට සම්පුර්ණයෙන්ම ආලෝකයක් ලැබෙනවා. ලෝලෙවල් පාර අලුතෙන් නිර්මාණය වෙනවා. අපි අංගොඩ ප්‍රදේශය හරහා සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. මත්කුඩුවලින්, දුප්පත්කමින්, පැල්පත්වාසීන්ගෙන් පිරිච්ච මේ ප්‍රදේශය විධිමත් නගරයක් හැටියට නම්බුකාර තැනක් හැටියට පරිවර්තනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා“. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

    Latest News