කළුගල් නිෂ්පාදකයින් දුක කියන්න විජේරාමයට යයි

ජූනි 05, 2019

    සමස්ත ලංකා ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ අද (05) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂි නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවි තිබේ.

    පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ කළුගල් නිෂ්පාදනයේ යෙදී සිටින්නන් හට වෙඩි බෙහෙත් නිකුත් කිරීම නවතා ඇති නිසා ඔවුනට මුහුණ දීමට සිදුවී ඇති ගැටළු පිළිබඳව විපක්ෂක නායකවරයා දැණුවත් කිරීමට ඔවුන් මෙහිදී කටයුතු කළේය.

    2500 ක් පමණ පිරිසක් ඍජුව කළුගල් නිෂ්පාදන කර්මන්තයේ යෙදී සිටි. එම ක්‍ෂත්‍රයේ ලක්ෂ 06ක් පමණ වක්‍ර රැකියාවල නිරතවේ. ඔවුන් සියලු දෙනාම මේ වන විට දැඩි අසීරු තත්වයකට පත්ව ඇති බව ඔහුන් මෙහිදී පෙන්වා දුන් බව විපක්‍ෂනායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව රජයේ අවධානය ඉදිරියේදී යොමුකිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

    රටේ පැවති ආරක්ෂක තත්වය අනුව ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම් ජනාධිපතිගේ උපදෙස් පරිදි පසුගිය 29 වැනිදා සිට ආරම්භ කෙරිණ. ව්‍යපෘති ක්‍රියාත්මක කරන රජයේ සහ පුද්ගලික ආයතනයන් වෙත පුපුරණ ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත, රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරොම් මිළදී ගැනීමේ එකකය වෙතින් මිළ දී ගැනීමට උපදෙස් නිකුත් කර ඇත.

    ගල් වලවල් හා කැණිම් සිදුකරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍රලාභින් සහ අවශ්‍ය අවසරපත්‍රලාභීන් හට එම බලපත්‍ර හෝ අවසර පත්‍ර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර පුපුරණ ද්‍රව්‍ය ගත හැකි පරිදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේ. මේ අනුව ආරක්ෂාකාරි විදිමත් වැඩපිළිවෙලක් යටතේ පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම සිදුවේ.

    නීති විරෝධි අන්දමින් වෙඩි බෙහෙත් ලබා ගන්නා පුද්ගලයින් නීති විරෝධි මසුන් මැරීමේ සිට ඉතාමත් ව්‍යසනකාරී ක්‍රියාවන් සඳහා යොදාගන්නා බව  ශ්‍රී ලංකාව තුල වෙඩිබෙහෙත් නිෂ්පාදනය කරන සහ බෙදාහරින පාර්ශවකරුවන් දැනුවත් කිරිමේ හමුවක දි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියාල් සිල්වා පැවසියිය. 

    Last modified on බදාදා, 05 ජූනි 2019 18:47

    Latest News