පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ හානි පූර්ණයට කමිටුවක්

ජූනි 05, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බලපෑමට ලක්වූවන්ට වන්දි ගෙවීමට සහ හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    මේ වනවිට හානිපූර්ණය සඳහා වූ කාර්යාලය මගින් රුපියල් මිලියන 198කට අධික වන්දි මුදලක් බලපෑමට ලක්වූවන් වෙත ලබාදී තිබේ. පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා අත්කාරම් ලෙස ලබාදී ඇති මුදල රුපියල් මිලියන 25ක්. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා වරාය අධිකාරිය සතු පර්චස් 09ක ඉඩමක් ද දේවස්ථානය වෙත පවරා දීමට පියවර ගෙන තිබේ. ප්‍රහාර හේතුවෙන් ආබාධිත වූ පුද්ගලයන්ට සහ බලපෑමට ලක්වූ ළමුන් වෙනුවෙන් රුපියල් මිලියන 500ක අරමුදලක් ගොඩනැගීමටත් අමාත්‍යාංශ අනුමැතිය හිමිවිය. යෝජනාව ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

     

    Last modified on බදාදා, 05 ජූනි 2019 19:37

    Latest News