දුප්පතුන්ගේ කන්දට අලුතින් පැමිණි ලක්‍ෂ 6ක්

ජූනි 05, 2019

    රටට පොදු නීති පද්ධතියක් සකස් කිරීමේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනාවලිය මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා....

    “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යෝජනාවලියක් ඉදිරිපත් කළා එක රටක්, තුළ එක නීතියක්. පොදු නීති පද්ධතියක් සකස් කිරීමේ වැඩපිළිවෙළ. අපි මේ වැඩපිළිවෙළට ප්‍රවේශ වෙලා දිනපතා උදේ හවස අපි මේ කටයුත්තේ නියැලෙනවා. අපි අද සතුටු වෙනවා අපි ඒ ක්‍රියාත්මක කරපු බොහෝ දේවල් නීති බවට පත්වෙන්න පටන් අරගෙන. ප්‍රධාන වශයෙන් මේ මුහුණු ආවරණය පිලිබඳව කතා කළා. මුහුණ නිරාවරණය වෙන්න ඕනේ ආකාරය පිලිබඳව. කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා. ඒ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා. වෛරී ප්‍රකාශ නතර කිරීම සඳහා අවශ්‍ය නීති-රීති සංශෝධන ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු මේ වනවිට ඒ අමාත්‍යාංශ එක්ක ඒ කටයුතු අවසාන කරලා තියෙනවා. දැනට කැබිනට් මණ්ඩලයට යොමු කළා කියන ආරංචිය අපට ලැබෙනවා. ඊට අතිරේකව අධ්‍යාපනය ක්‍රමය පිළිබඳව පුළුල්ව සාකච්ජා කළා බොහෝ දේවල් අවසාන මට්ටමට යමින් පවතිනවා. ලක්‍ෂ 6කට අලුතින් සමෘද්ධිය ලබාදෙනවා. තියෙන ප්‍රමාණයට අතිරේකව. නමුත් ඒ දුප්පතුන් කන්දරාව ඒ ගොඩේ එහෙමම තියාගෙන, තව ලක්‍ෂ 6ක් මේ කාලය තුළ දුප්පතුන් බවට පත්වෙලා තියෙනවා. වැඩිවෙච්ච දුප්පතුන් ප්‍රමාණය ප්‍රයෝජනයට අරගෙන දේශපාලන වාසි ගන්න දැන් උත්සාහයක් ගන්නවා“ යැයි මහින්ද අමරවීර මහතා පැවසීය.

    Last modified on බදාදා, 05 ජූනි 2019 18:57

    Latest News