ඥාණසාරහිමි - රතනහිමිගේ අවස්ථාවාදී දේශපාලන උපවාසය ජාතික ප්‍රශ්නය සංකීර්ණ කළා (විඩියෝ)

ජූනි 04, 2019
  • පූජ්‍ය අතුරලීයේ රතන හිමිගේ අවස්ථාවාදි බංකලොත් දේශාපාලන උපක්‍රම උපවාසයෙන් මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට තල්ලුවිමේ අවධානමක් මතුවීම බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

    අද(04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන් වහන්සේ මේ බව කියා සිටියේය.

    අප්‍රේල් 21 ඉල්ල වු බෝම්බ ප්‍රහාරයෙන් සිංහල සහ දෙමළ ජනතාව ආතතියකට ලක්ව ඇති බව කියා සිටි උන්වහන්සේ මුස්ලිම් ජනතාව ඒ තුලින් දැඩි කම්මපනයකට හා තැති ගැනිමකට ලක්ව ඇති බව පැවසීයිය. මේ අවස්තාවේ පටු දේශපාලනය ඉවත දමා සැම අයෙකුම ජනතාවගේ සිත් සුවපත් කිරිමට ක්‍රියා කලයුත් බව ඥාණසාර හිමියන් පවසයි.
    සහරාන් ඇතුළු කණ්ඩායමේ අන්තවාදය පරාජය කරන්න සිංහල මිනිසුන්ට වඩා උදව් කළේ මුස්ලිම් මිනිසුන් බව ඥාණසාරහිමියන් කියා සිටියේය. අද වන විට වන වැඩවලින් සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුත් අන්තවාදයට තල්ලු විය හැකි බව උන්වහන්සේ පෙන්වාදුනී.

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කිසිදු සාකච්ඡාවකින් තොරව උපවාසයක් කිරීමට පෙළඹු බව ද පැවසු උන්වහන්සේ ප්‍රහාරයෙන් සතියකින් පමණ පසුව මෙවැනි දෙයක් සිදු කරමින් මුස්ලිම් මන්ත්‍රීවරු ඉවත් වෙන්නැයි පැවසුවේ නම් එය සාධාරණ බව ද කියා සිටියේ. මේ වන විට චම්පිකගේ ගේමක්ද? - ගෝඨා ගේන වැඩක්ද? යනුවෙන් ප්‍රශ්න කරන නමුත් ඇත්ත ප්‍රශ්නය යට ගිය බවත් පැවසු උන්වහන්සේ අවධාරනය කලේය. උපවාසයට නොගියේ නම් ඊයේ කොතැනක හෝ යම් ගැටූමක් ඇති වුයේ නම් සියලු දේට තමා වගකිව යුතු බව පවසන බව ද ඥානසාර හිමියන් පැවසීය.

    මේ වෙලාවේ හාමුදුරුවන්ට තියෙන්න ඕනේ ජාතික න්‍යාය පත්‍රයක් බවත් මීට පසුව කිසි කෙනෙකුට මෙය අතට ගැනීමට ඉඩ නොදී තමා මෙය පාලනය කරන බවත්, ප්‍රශ්නය රතන හිමියන් විසින් සංකීර්ණ කල බවත් කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 19:48

    Latest News