මධු මාධවගේ මුලික අයිතිවාසිකම් පෙත්සම සැලකා බැළිම ජූනි 13

ජූනි 03, 2019

    පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 13 වනදා සලකා බැලීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    සිසිර ද ආබෲ, එල්.ටී.බී දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබිණ.

    ඇතැම් වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බව අධිකරණයේදී අනාවරණය වුයේය. ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 13 වන දා සිදුකෙරෙන බව අධිකරණය නියම කළේය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව මධුමාධව අරවින්ද මහතා සිය පෙත්සමෙන් කියා සිටි.

    එම සිද්ධියට අදාළව පොලිසිය තමන්ට විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ලබාගෙන ඇති බැවින් තමන්ගේ දුරකථන ඇමතුම් විස්තර වාර්තාවක් අධිකරණය වෙතින් කැඳවා ඇති බවත් මධුමාධව අරවින්ද පෙන්වාදේ. පොලිසිය අසාධාරණ ලෙස අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් එය වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News