ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති දිවයිනට

ජූනි 03, 2019

    ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(03) දිනයේ මෙරටට පැමිණිමට නියමිතයි.

    පීටර් ඩට්න් මහතා සිය සංචරය තුළදී ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    ඔහු අද පාස්කු ඉරුදින ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත යාමට ද සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. හෙට(04) දිනයේ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක තත්ත්වය සහ මිනිස් ජාවාරම් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විමට ද කටයුතු සූදානම් කර තිබේ.

    Last modified on සදුදා, 03 ජූනි 2019 07:58

    Latest News