"රට වෙනුවෙන් එකට සිටිමු" සංවර්ධන වැඩසටහන අද ඇරඹේ

ජූනි 03, 2019

    රට වෙනුවෙන් එක සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහන අද ආරම්භ වෙයි.

    එය ක්‍රියාවට නැංවෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. ඒ අනුව, ජාතික සංවර්ධන වැඩසටහන ඇතුළු අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන සංවර්ධන ව්‍යාපෘති වඩාත් වේගවත් හා විධිමත් කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීම මෙහි අරමුණයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ම ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් මේ යටතේ ක්‍රියාත්මක වෙයි.

    ග්‍රාමීය ජනතාවගේ ගැටලු සහ ඒවා විසඳීම සඳහා වඩාත් උචිත ක්‍රියාමාර්ග, සියලු අමාත්‍යාංශ සහ ආයතන ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ ක්‍රියාවට නැංවීම රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන මගින් සිදුවෙයි. වැඩසටහන අවසන් වන්නේ ලබන 8 වැනිදායි.

    Last modified on සදුදා, 03 ජූනි 2019 07:47

    Latest News