දයාසිරි ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට

නොවැ 10, 2018

    ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයා යටතට පත්කර තිබේ.

    ඒ, 2018 නොවැම්බර් 09 දිනැති අංක 2096/67 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුවයි. ජනමාධ්‍ය විෂය බාර අමාත්‍යවරයා ලෙස, ඒ අනුව, දයාසිරි ජයසේකර මහතා කටයුතු කරනු ඇති. එසේම, ජනමාධ්‍ය විෂය බාර ලේකම් ලෙස කටයුතු කරන්නේ, නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි.

    Latest News