තලෙයිමන්නාරම් මුහුදෙන් බීඩී කොළ සහ දුම්කුඩු කුප්පි නාවික හමුදාව සොයා ගනී

ජූනි 02, 2019

    උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (01) රාත්‍රි කාලයේ තලෙයිමන්නාරම් මුහුදෙන් බීඩි කොළ කිලෝ ග්‍රෑම් 471 සහ මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන දුම්කුඩු කුප්පි 5300 ක් සොයාගනී.

    ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුරයාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදුකළ විශේෂ මුර සංචාරයකදී තලෙයි මන්නාරමට ඊසාන දෙසින් නාවික සැතපුම් 1.7 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී පාවෙමින් තිබූ පාර්යල් 11ක් සොයාගෙන ඇති අතර, තවදුරටත් නිරීක්‍ෂණය කරමින් ගොඩබිම දෙසට යාත්‍රාකරන විට අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රවක් ද සොයාගෙන ඇත. ඒ අනුව, මෙම ජාවාරම්කරුවන් දුර තියා නාවික හමුදා යාත්‍රා නිරීක්‍ෂණය කර ක්‍ෂණිකව පලාගොස් ඇතැයි ‍නාවික හමුදාව සැක පළකරයි.

    නාවික හමුදා භාරයට ගත් මෙම පාර්සල්වලින් පාර්සල් 04 ක බීඩිකොළ කිලෝග්‍රෑම් 451ක් සහ අනෙක් පාර්සල් 07 හි මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන දුම්කුඩු සහිත කුඩා ප්‍රමාණයේ කුප්පි 5300 ක ප්‍රමාණයක් තිබූ අතර, එම බීඩි කොළ තොගය, දුම්කුඩු කුප්පි සහ ඩිංගියාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී .

    Latest News