විදේශීය හමුදාවන්ට මාතෘ භූමිය පාවා දෙන්නේ නැහෑ: අමාත්‍ය සජිත්

ජූනි 02, 2019

    විදේශීය හමුදාවන්ට මෙරට භූමිය පාවා නොදෙන බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    විදේශීය හමුදාවන්ට වෙනම ස්ථාන පිහිටුවන කිසිදු ගිවිසුමක් රජය ක්‍රියාත්මක නොකරන බව අමාත්‍යවරයා කියා සිටියේය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ මාරාව ප්‍රදේශයේ මුප්පනේ රටේ රාළගම උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 196 වන ආදර්ශන ගම්මානය මෙයයි. උදාගම්මානය නිවාස 23කින් සමන්විතවේ. ඊට වැය කෙරුණු මුදල රුපියල් දෙකෝටි 76 ලක්‍ෂයකි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.....

    අතිගෞරවනීය, වන්දනීය, පූජනීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ, ඒ වගේම ගෞරවනීය කාදිනල්තුමා සාකච්ජාවක් පවත්වලා ප්‍රකාශයක් කළා මේ රටට විදේශීය හමුදාවන් ගෙන්වන ගිවිසුම් ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ ප්‍රකාශය මම අනුමත කරනවා. රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න අපට කළ හැකි උපරිම පියවර ගන්න අපි ලැහැස්තියි“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 19:24

    Latest News