හොරෙන් පිට කිරිමට ගිය යෙන් නෝට්ටු රේගුවට මාට්ටු

ජූනි 02, 2019

    ශ්‍රී ලංකාවේ සිට ජපානයට රැගෙන යාමට උත්සහ කළ රුපියල් 81 ලක්ෂයක් වටිනා විදේශිය මුදල් තොගයක් ශ්‍රි ලංකා රේගු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු ඊයේ (01) දින රාත්‍රී 7.20 ට ජපානයේ නරීටා බලා පියාසර කරණ යූ. එල්.- 454 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ජපානයට යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදල් ප්‍රමාණයක් තමා සතුව ඇති බව ඔහු ගුවන් තොටුපළ රේගුවට කල දැනුම් දීම අනුව නිළධාරින් විසින් පරික්‍ෂාවක් කර තිබේ.

    එහිදී රේගු නිළධාරින්ට මතුවු සැකය අනුව ගමන් මලු පරීක්‍ෂාවේදී, සඟවා තිබූ රුපියල් අසූ එක් ලක්ෂ තිස් දහස් පන් සීයයක් (81,30,500) වටිනා මුදල් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත සිදුවේ.

    costomsyen px 900 19 06 02

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 14:14

    Latest News