පලාලී වාසවිලාන් ප්‍රදේශයේ පුපුරා යාමකින් සෙබලෙක් මරුට

ජූනි 02, 2019

    පලාලි කඳවුරු භූමියේ, පැරණි පුපුරණ උපකරණයක් පුපුරා යාමෙන් සෙබළෙකු මරුමුවට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 

    පිපිරීම සිදුවූ භූමිය පලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ පිහිටා තිබේ. පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්‍ෂිත ලෙස ඊයේ (01) සවස 3.30 ට පමණ පුපුරා ගිය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. මෙම ප්‍රදේශය පිරිසිදු කිරීමට යාමේදී සිදුවූ අත්වැරදීමකින් එය පුපුරා ගොස් තිබේ.  

    පොලීසිය සහ යුද්ධ හමුදා පොලීසිය එක්ව පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. ශ්‍රී ලංකාවේ 97% ක් පමණ බිම් ප්‍රමාණයක් බිම්බෝම්බ වලින් තොර ප්‍රදේශ බවට පත්කර ඇතතත් ආරක්‍ෂ හමුදා කඳවුර ආශ්‍රිත සුලු බිම් ප්‍රමාණයක් තවදුරටත් ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කිරිමට ඇති බව හමුදාව පවසයි. 

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 14:16

    Latest News