උතුරේ ජල ගැටලුවට විසඳුමක් අවශ්‍යයි; උතුරු ආණ්ඩුකාර

ජූනි 01, 2019

    උතුරු පළාතේ ජල ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා රජයෙන් ඉල්ලා සිටී.

    ඔහු මෙම ඉල්ලීම කළේ, කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් පළ කළ ආචාර්ය සුරේන් රාඝවන් මහතා....

    “උතුරු පළාතේ පානීය ජලය පිළිබඳව ලොකු අර්බුදයක් තිබෙන බව පැහැදිලිව කිව යුතුයි. අපි යොදාගත්තා වඩමාරච්චි කලපුවේ ඉඳලා වැහි කාලෙට ලැබෙන වැහි වතුර රැස්කරලා ඒක යාපනයට ගෙන යාමට පිළිබඳව ඇළ මාර්ගයක් නිර්මාණය කිරිමට. ගිය අවුරුද්දේ ඒක අවසාන වතාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළා. මොකද මේක ප්‍රධාන ප්‍රශ්නයක් උතුරටට. මම පිළිතුර ඉල්ලා සිටිනවා මුදල් අමාත්‍යාංශයෙන් සහ අනෙක් අමාත්‍යාංශවලින් මේ යෝජනා කරගත්තා වු ඒ දුන්න මුදලට, ඒ ව්‍යාපෘතියට මොකද වෙන්නේ. දැන් පායන කාලේ ලක්‍ෂ 13ක් ඉන්න ජනතාවගෙන් ලක්‍ෂ 4කට වඩා සෘජුව හෝ වක්‍රව ජල ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. මේකට අපි විසඳුමක් සෙවිය යුතුයි. ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා මේ පානීය ජලය ලබාදෙන්නට ඉදිරිපත් වෙන්න කියලා“ යැයි ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

    Latest News