ඥාණසාර හිමිගෙන් අන්තවාදී සංස්කෘතික ආක්‍රමණයන්ට එරෙහි යෝජනාවලියක්

ජූනි 01, 2019

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ට යෝජනාවලියක් බාර දී තිබේ.

    ගැටඹේ රාජෝපවනාරාමයට අද පැමිණි උන්වහන්සේ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ට මෙම යෝජනාවලිය බාරදී තිබේ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙන්වා දී ඇත්තේ අන්තවාදී සංස්කෘතික ආක්‍රමණයන්ට එරෙහිව මහා සංඝරත්නය පෙරමුණ ගත යුතු බවයි. ඒ සඳහා ලබන මස 7 වැනි දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී සංඝ සම්මේලනයක් පවත්වන බවයි.

    ඊට අදාළ ලේඛන පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ට මෙහිදී බාර දෙනු ලැබීය. සියලු නිකායන් නියෝජනය වන පරිදි ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමේ යෝජනාවක් ද එහි ඇතුලත්.

    Latest News