රටට එක නීතියක් අවශ්‍ය ඇමති පාඨලී

ජූනි 01, 2019

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණ අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැදුටුවේය.

    ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව අමාත්‍යවරයා විසින් මහනායක හිමියන් දැනුවත් කරනු ලැබීය. අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ අමාත්‍යවරයා...

    “ප්‍රධාන වශයෙන්ම මේ ත්‍රස්තවාදය කියන්නේ, අලුත් ත්‍රස්තවාදයක් මේක. ඒ නිසා විධිමත් තනි එක නීතියක අවශ්‍යතාවය තියෙනවා. ජනතාවගේ ගැටලුවක් තියෙනවා අපේ එක එක ජන කණ්ඩායම් තමන්ට ඕන-ඕන විධියට නීතිය පරිහරණය කරනවා කියලා. විශේෂයෙන් මේ ෂර්යා නීතිය සම්මත කරගැනීම පිලිබඳව ස්ථානවල සහ ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභාවල. ඒවා හොයලා බලලා, ඒවා රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම. මේ අරාබි බස රටේ ජාතික භාෂාවක් හැටියට සඳහන් වෙලා නැහැ ව්‍යවස්ථාවේ. නමුත් භාවිතා කරනවා. මේක පාලනය කරන්න සිංහල, දෙමළ භාෂා දෙක අපේ රටේ ප්‍රධාන භාෂා හැටියට පවත්වා ගෙන යන්න. ඇඳුම්, ආහාර මේ රටේ ප්‍රමිති කාර්යාංශය, පාරිභෝගික අධිකාරිය ඉන් පිටත ආහාර හා අනෙකුත් දේවල්වල ප්‍රමිතිකරණය කරන්න ආයතන පවත්වාගෙන යන්න බැහැ“ යැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 20:26

    Latest News