කබලෙන් ලිපට වැටුණු මන්ත්‍රීවරුන්

නොවැ 10, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් නියෝජිතයින් 70 දෙනෙකුගේ මන්ත්‍රී ධූර අහෝසි වී තිබේ.

    නියමිත කාලසීමාව සම්පුර්ණ නොවීම හේතුවෙන්, ඔවුන්ගේ විශ්‍රාම වැටුප ද අහිමිවන බවයි, පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් 47 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමිවනු ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් මන්ත්‍රීවරුන් 16කට ද විශ්‍රාම වැටුප් අහිමි වේ.

    ජනතා විමුක්ති පෙරමුණේ එලෙස විශ්‍රාම වැටුප් අහිමි වූයේ, එක් මන්ත්‍රීවරයෙකුට පමණයි. මේ අතර, දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට ද විශ්‍රාම වැටුප් අහිමිවී තිබේ. එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත්ව විශ්‍රාම වැටුප් අහිමි වූ අයගේ නාම ලේඛනය මෙසේයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, එස්.එම්. මරික්කාර්, මුජුබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මනෝ ගනේෂන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, චතුර සේනාරත්න, ලක්‍ෂමන් විජයමාන්න, මයන්ත දිසානායක, ලකී ජයවර්ධන, එස් වේලුකුමාර්, ආනන්ද අලුත්ගමගේ, නඩරාජා තිලකේෂ් සහ රෝහිණි විජේරත්න ඉන් කිහිප දෙනෙක්. බන්දුලාල් බණ්ඩාරිගොඩ, දයා ගමගේ, ඊබ්‍රහිම් මොහොමඩ් මන්සූර්, අබ්දුල්ලා මොහොමඩ් මන්සූර්, ඉම්රාන් මහරුෆ්, ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල්, හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර, අශෝක ප්‍රියන්ත, චන්දිම ගමගේ, රහුමාන් ඉස්තාර්, නාලක කොලොන්නේ, චමින්ද විජේසිරි, සිඩ්නි ජයරත්න, අරවින්ද කුමාර්, ආනන්ද කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද විශ්‍රාම වැටුප් අහිමිවූ පිරිසට ඇතුළත්.

    එමෙන්ම හේෂා විතානගේ, ඒ.ඒ. විජේතුංග, කරුණාරත්න පරණවිතාන, සුජිත් සංජය පෙරේරා, තුසිතා විජයමාන්න, සන්දිත් සමරසිංහ, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිංහ, එම්. නවාසි, එම්. සල්මාන්, ඒ හාෆීස්, සිරිනාද මෙල් සහ විජයපාල හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ට ද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමිවනවා.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ සිසිර ජයකොඩි, අනුරාධ ජයරත්න, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න, ප්‍රසන්න රණවීර, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, උදය ප්‍රභාත් ගම්මන්පිල, ඩී.වි.චානක, අංගජන් රාමනාදන්, තාරක බාලසූරිය, කාදර් මස්තාන්, මලිත් ජයතිලක සහ සාරතී දුෂ්මන්ත යන මන්ත්‍රීවරුන්ගේ ධූරකාලය ද වසර 5කට පෙර අවසන් වුණා.

    ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ධර්මලින්ගන් සිද්ධාර්තන්, ඊ සරවනභවන්, සිවප්‍රකාශන් සිවමෝහන්, කී කෝතීෂ්වරන්, ජේ.සිරිනේෂන් සහ එස් විජයාන්ද්‍රන් යනමන්ත්‍රීවරුන්ට ද විශ්‍රාම වැටුප් අහිමිවුණා.

    Latest News