වසර 06 කට පසු CTB වැටුප් වැඩිවේ

නොවැ 10, 2018

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    මෙවැනි වැටුප් වැඩිවීමක් සිදුවූයේ වසර හයකට පසුවයි. තම ආයතනය ක්‍රියාත්මක කළ නව මූල්‍ය පරිපාලන ක්‍රියාදාමය සහ අවම සේවක සංඛ්‍යාවක් තුළින් වැඩි ආදායමක් ලබාගැනීමට හැකිවූ බව, ශ්‍රී ලංකා ගමනා-ගමන මණ්ඩලය පවසයි.

    රියදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු සහ ආරක්‍ෂක යන ශ්‍රේණිවල සේවකයන්ගේ මුලික වැටුප ඉහළ නැංවීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුවයි. රුපියල් 14"250/= වූ අවම මූලික වැටුප රුපියල් 25"550/= දක්වා වැඩිවන බව, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

    විධායක නිලධාරීන්ගේ මුලික වැටුප ද වැඩි කිරීමට නියමිතයි. නව වැටුප් ක්‍රමය එළිදක්වමින් සංකේතාත්මකව 105 දෙනෙකුට වැටුප් ලබාදීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණා. ඒ, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේදී.

     

    Latest News