බෝංචි ගොවීන්ටත් සංවිධානයක්

ජූනි 01, 2019

    ශ්‍රී ලංකාව තුළ සාර්ථක මට්ටමින් බෝංචි බීජ නිපදනව ගොවීන්ගේ විධිමත් සංවිධානයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

    දැනට ශ්‍රී ලංකාවේ බෝංචි බීජ නිපදවීම හඟුරන්කෙත, මතුරට හා මන්දාරම්නුවර ගොවිජන බලප්‍රදේශවලට පමණක් සීමා වී තිබේ. ඊට හේතුව, එම ප්‍රදේශවල පවතින දේශගුණික සහ පසෙහි ස්වභාවයයි. දැනට මෙම ගොවීන් අතර විධිමත් සංවිධානයක් නොවීම හේතුවෙන් බීජවල මිල නියම කිරිම, අලෙවිය, බීජ හුවමාරුව නිසිලෙස ඉටු නොවීමෙන් විශාල ආර්ථික අවාසියක් සිදුවන බව හඳුනාගෙන තිබේ.

    මේ තත්වය අධ්‍යයනය කිරීමෙන් පසුව එම ගොවීන් එකතු කොට බීජ බෝංචි වගාකරුවන්ගේ සංවිධානයක් ස්ථාපනය කළ බව, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති, පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි. දැනට බීජ බෝංචි ඇසුරුමක් රුපියල් 500කට මිල දී ගෙන ඒවා පිට පළාත්වලට රැගෙන ගොස් රුපියල් 2,000ත් 2,500ත් අතර මිලකට අලෙවි කෙරේ. එම මුදල් ද බීජ ගොවීන්ට ලැබෙන්නේ මාස කිහිපයකට පසුවයි. නිසි මිල යාන්ත්‍රණයක් මෙමගින් තීරණය කිරීමට හා මෙතෙක් ගොවීන්ගේ ඉල්ලීම්වලට අවධානයක් යොමු නොවීම මෙමගින් මග හැරෙන බව නාමල් කරුණාරත්න මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 14:53

    Latest News