මහින්ද දේශප්‍රිය - ළඟම ඡන්දයට නීතිමය වලංගු භාවය ගැටලුවක්

ජූනි 01, 2019

    ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය හෝ ප්‍රථමයෙන් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මැතිවරණ කොමිසන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

    දැනට බලාපොරොත්තුවෙන් සිටින ළඟම මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම බව ඔහු කියා සිටියේ මාධ්‍යවේදියෙකු ඉදිරිපත් පැනයකට පිළිතුරු වශයෙනි.

    ජනාධිපතිවරයාගේ පස් අවුරුදු නිල කාලය අවසන් වීමට නියමිත දිනයෙන් මාසයකට ප්‍රථම එනම් නොවැම්බර් 9 හා දෙසැම්බර් 9ත් අතර කාලයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඒ අනුව ඈතම දිනය වන්නේ දෙසැම්බර් 7 බවත් ඔහු ප්‍රකාශ කළේය. ආසන්නතම දිනය විය හැක්කේ නොවැම්බර් 15 බවයි මහින්ද දේශප්‍රිය පවසන්නේ. ඒ අනුව මේ කාල පරාසය තුළ ජනාධිපතිවරයා විසින් ඡන්ද විමසීමක් කැදවන්නේ නැතිනම් තෝරාගන්නා දිනයක ඡන්ද විමසීමක් කැදවීමට මැතිවරණ කොමිසමට හැකි බවත් ඔහු අවධාරනය කර සිටියේය.

    මැතිවරණ කොමිසම පළාත් සභා ඡන්දය ඕනෑම මොහොතක පැවැත්වීමට සූදානම් බවත් ඒ සඳහා වලංගු නීතිය අවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

    Latest News