පොළොන්නරුවේ කසළ ගැටළුව අවසන්

ජූනි 01, 2019

    පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ ඉදිකෙරුණු නව කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද විවෘත කෙරිණ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්රැස්වන කැළිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන්, මෙතෙක් කල් ගැටලුවක් පැවතිණ. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 2,300ක් නව මධ්‍යස්ථානය ඉදිකිරීමට වැය කෙරිණ. සූංගාවිල,සෝමාවතිය මාර්ගයේ පරණගම ප්‍රදේශයේ අක්කර 5ක් භූමි බාගයක මෙය ඉදිකර තිබේ.

    දිනකට කසළ ටොන් 50ක් මෙහි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව පවතියි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම පළාත් පාලන ආයතනයකම එක් රැස්වන කැළිකසළ ප්‍රතිචක්‍රීකරණය කොට, කාබනික පොහොර නිෂ්පාදනය මෙහි දී සිදු කෙරෙනු ඇති. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුඛියාමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 14:40

    Latest News