රිෂාද්ට එරෙහි විශ්වාසභංගයට නිසැක පරාජයක් (වීඩියෝ)

මැයි 30, 2019

    රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව, නිසකයෙන්ම පරාජය වන බව, සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසයි.

    එම පක්‍ෂයේ සාමාජිකයින් කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසීය. එහිදී අදහස් පළ කළ හිටපු පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් ෆායිස් මහතා...

    “දවස් 52දී රිෂාඩ්... කියලා කතා කරනකොට අපි ගිහිල්ලා තිබුණා නම් මම හිතන්නේ අද මේ කිසිම චෝදනාවක් අපිට නැහැ. ඒක තමයි සත්‍ය කතාව. විමල් වීරවංශයි, උදය ගම්මන්පිලයි මෙතුමන්ලා දෙන්නා තමයි මං හිතන්නේ මේක ගෙනියන්නේ. අපි පක්‍ෂයක් හැටියට මේ සියල්ලක්ම අපි ප්‍රතික්ෂේප කරනවා“ යැයි මොහොමඩ් ෆායිස් මහතා සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 20:17

    Latest News