පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ SLFP ස්ථාවරය

නොවැ 10, 2018

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිට ඇති බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

    එ අනුව පාර්ලිමේන්තුව විසුරුව හැරිම ව්‍යවස්ථානු කූල බවයි ඔහු පවසන්නේ. රට ආර්බුදයක පවතින විට පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිට හැකියාව තිබේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කල නව අගමැතිවරයා පිළිගැනීම ප්‍රතික්ෂේප කිරිම තුළින් මෙම තත්වය ඇති වු බවයි ඇමති නිමල් සිරිපාලද සිල්වා පවසන්නේ. ඒ තුළින් විධායකය සහ ව්‍යවස්ථා දායකය අතර ගැටුමක් මෙන්ම ආර්බුදයක් ඇති වු බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවෘත්ති සංකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේය. එ අනුව රට ආරජික නොකර ව්‍යවස්ථාවේ ඇති බලතල භාවිතා කරමින් පාර්ලිමේන්තු විසුරුව හැරිය හැකි බව ඔහු කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 10 නොවැම්බර් 2018 16:52

    Latest News