ඥානසාර හිමිට අපහාස කිරිමට නීති උපදෙස් නොලැබෙයි....... පෙත්සම ජූලී 25 ට කල්යයි

මැයි 09, 2019

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැණවැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළ යැයි චෝදනා ලබා සිටින සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික් මහතාට එරෙහිව පෙත්සම නැවත ජුලි මස 25 වැනිදා කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් නීති උපදෙස් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව පැමිණිල්ල ජුලි මස 25 කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද පොලිසියට දැනුම් දුනී.

    2016 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක දී බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපහාසාත්මක බැන වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුර් රාසික්ට එරෙහිව පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ

    Last modified on බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 20:10

    Latest News