මඩාටුගම මුස්ලිම් වැසියන් - තවුහිද් එපා: පරණ පල්ලිය ඇති

මැයි 29, 2019

    කැකිරාව මඩාටුගම තව්හීද් ජමාත් සංවිධානයේ පිරිස් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා ඉවත් කිරිමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයින් අද (29) ක්‍රියා කර තිබේ.

    මෙම ස්ථානයේ පුස්තකාලයක් ඉදිකිරිමට තිබියදී විදේශීය සංවිධානයක මුදල්වලින් තව්හීද් ජමාත් පල්ලියක් ඉදිකළ බව ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේය. රටේ පවතින වර්තාමාන තත්වය අනුව තවත් පල්ලියක අවශ්‍යතා නොවන බැවින් තම පල්ලියේ කාරක සභාව එක්ව එය ඉවත් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.

    මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමනු ලැබිණ. අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා බවත් කල බව අප වාර්තාකරු පවසයි.

    එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ් අමීන් මහතා කියා සිටියේ “මේ කඩා දමන පල්ලියට නමක් තිබුනේ නැ“ නමුත් මුස්ලිම් පල්ලිය නමින් තවුහිත් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බව සදහන් කළේය. දැන් ඉවත්කොට වෙනත් පල්ලියක් නොව ප්‍රධාන පල්ලියට පැමිණ ඕනෑම අයකුට වැදීමට හැකි බව ඔහු සඳහන් කළේය.

    මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමග කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ බව මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේය. ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කර ජනතාව සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බැවින් විදේශිය මුදල්වලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තිරණය කළ බව ඔවුන් පැවසීයිය.

    thahidjamathchurch1 px 900

    thahidjamathchurch2 px 900

    Latest News