පාර්ලිමේන්තුව විසුරුවා හැරේ - මැතිවරණය ජනවාරි 5

නොවැ 10, 2018

    අට වැනි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ රාත්‍රී විසුරුවා හරිනු ලැබුවා.

     ඒ අනූව, මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය 2019 ජනවාරි 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.  ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිතුමා අත්සන් තැබීමෙන් අනතුරුව ඊයේ නිකුත් කෙරිණ.

      ආණ්ඩුව ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ 2 ඈ අනුව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වැනි ව්‍යවස්ථාවේ 2 අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ 5 අනූව ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වැනි වගන්තියේ විධිවිධාන අනූව ජනාධිපතිවරයා මෙම විසුරුවාහැරීම සිදු කර ඇති බව, ගැසට් පත්‍රයේ සඳහන්. 

    9 වැනි පාර්ලිමේන්තුව 2019 ජනවාරි මස 17 වැනි දින රැස්වීටම නියමිතයි.  මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ලබන 19 සිට 26 තෙක් සිදු කෙරේ.

    Latest News