නව ගුවන් හමුදාපති සුමංගල ඩයස්

මැයි 29, 2019

    නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත්කෙරේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම අද(29) උදෑසන සිදුකර තිබේ. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා වන අතර ඔහු මීට පෙර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

    ඩම්බුරේ ලියනගේ සුමංගල ඩයස් මහතා ඉන්දියාවේ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සහ බංගලාදේශයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් පුහුණුව ලබා ඇත.

    ඔහු වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, දේශ පුත්‍ර පදක්කම, රණ ශූර පදක්කම, උතුරු-නැගෙනහිර මෙහෙයුම් පදක්කම, රිවිරැස පදක්කම ඇතුළු පදක්කම් රාශියක් ලබා ඇති අතිවිශිෂ්ඨ නිලධාරියෙකි.

    Latest News