යහපාලනය සඳහා වු පෙරමුණ තහනම් කරන්න;ඥාණසාර හිමි (වීඩියෝ)

මැයි 28, 2019

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

    “ඉතාම දියුණු රටවල තමයි ඒ, ඒ මතත් එක්ක පුහුණු කරලා එවන්නේ. එතකොට මේකට ගොදුරු වෙන්නේ ධනවත් පවුල්වල දරුවන්. එතකොට අපි අවධානය යොමු කරගෙන ඉන්නේ මැදපෙරදිගට. නමුත් වැඩේ සිද්ධ වෙන්නේ වෙනත් කොහේ හරි රටක. එතකොට කවුරුත් සැක හිතන්නේ නැහැ. මේ තත්වය ඉතාම බරපතලයි. මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටිනවා අබ්දුල් රහුමාන්ලා හදපු දේශපාලන පක්‍ෂයක් තියෙනවා යහපාලනය සඳහා වු පෙරමුණ කියලා. ඒක තහනම් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මැතිවරණ කොමසාරිස්තුමාගෙන්.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 23:49

    Latest News