කොළඹ වරාය සංවර්ධනයට නව සහයෝගිතා ගිවිසුමක් (වීඩියෝ)

මැයි 28, 2019

    කොළඹ වරාය සංවර්ධනයට ජපානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබේ.

    එමගින් කොළඹ වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට නියමිතයි. නැගෙනහිර පර්යන්තය සම්පූර්ණ හිමිකාරත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ. යෝජිත පර්යන්ත මෙහෙයුම්වලින් 51% කොටස් ශ්‍රී ලංකාව සතු වන අතර හවුල් පාර්ශවයන්ට මිලදීගත හැකි කොට 49% ක කොටස් පමණි. දීර්ඝ කාලයක සිට කොළඹ වරාය සංවර්ධනයට ජපානයෙන් විශාල සහයෝගයක් ලැබී තිබේ. එමෙන්ම කොළඹ වරාය හා නැව්ගත කිරීම්වලින් 70% ක් පමණ ඉන්දීයාව සම්බන්ධව සිදුවේ. එම සහයෝගිතා ගිවිසුමට අනුව රාජ්‍යයන් ත්‍රිත්වයම එක්වී ඉදිරි කටයුතු සිදු කර නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 22:57

    Latest News