71 නිදහසේ දි දේශප්‍රේමී ලැයිස්තුවෙන් හැලුන ඌව කැරැල්ලේ හම්බන්තොට විරුවන් 05ක්

මැයි 28, 2019

    ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ සෙන්පතින් 05 දෙනා ජාතික විරුවන් ලෙසින් නම් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කිරිමට යෝජනාවක් හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්වීමට ඉදිරිපත්ව තිබේ.

    එය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිණ. හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුව ඊයේ රැස්විය.

    ඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ විරුවන්

    01 වලවේ ඔරුකෙමෙ මුහන්දිරම්

    02 කිවූලේ අමදෝරු රාළ

    03 සීනි මුන්නේ රාළ

    04 සපුගොඩ රාළ

    05 උඩමලල ගමගේ කිරි අප්පු [උඩමලල රාළ]

    “ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට මුහුණදුන් විරුවන් දේශද්‍රෝහීන් ලෙස සුදු ජාතික පාලකයින් නම් කර තිබුනා. ඒ දේශද්‍රෝහී ලේඛනයේ සිටි ඌව කැරැල්ලේ විරුවන් දේශප්‍රේමින් ලෙස පසුගිය ජාතික නිදහස් දින ප්‍රකාශයට පත් කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයන් 05 දෙනක් ද ඌව කැරැල්ලට එක්ව හිටියා. මෙම ඌව වෙල්ලස්ස කැරැල්ලට එක්වූ නායකයින් දේශප්‍රේමින් ලෙස පසුගිය ජාතික නිදහස් දින ජනාධිපතිතුමන් ප්‍රකාශයට පත් කළත් දේශප්‍රේමී ලැයිස්තුවට මේ හම්බන්තොට විරුවන් නම් කර තිබුනේ නැහැ. හම්බන්තොටදී පසුගිය පෙබරවාරි මස පැවති 71 වන ජාතික නිදහස් දින උත්සවයේදී අපි බලවත් කණගාටුවකට පත්වුණා. ඒ අපේ දිස්ත්‍රික්කයේ විරුවන්, අපේ මුතුන් මිත්තන් මේ දේශප්‍රේමී ලේඛනයට ඇතුලත් නොවීම පිලිබදව” යැයි යෝජනාව ඉදිරිපත් කළ දිලිප් වෙදආරච්චි පැවසිය.

    මෙම මේ නායකයන් ඌව වෙල්ලස්ස සටනට දිස්ත්‍රික්කයෙන් සේනාව අරගෙන ගිහින් සටන් බව ඔහු කියා සිටියේය. එ නිසාම අත්අඩංගුවට අරගෙන හම්බන්තොට කච්චේරියේදී මේ විරුවන් 5 දෙනේගෙන් 04 දෙනෙක් එල්ලා මැරුවා බවත් ඔහු පෙන්වාදුනී.

    “එක්කෙනෙක් අරගෙන ගියා, ගිහින් මැරුවා. 71 වන ජාතික නිදහස් දින අභිමානය මේ විරුවන් 05 දෙනාට නැහැ“ ඒ නිසා මම යෝජනා කරනවා මේ විරුවන් 05 දෙනාත් ජාතික විරුවන් ලෙස මීලග ජාතික නිදහස් දින ප්‍රකාශයට පත් කරන්නැයි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලෙස යැයි දිල්ප් වෙදආරච්චි කියා සිටියා.

    හම්බන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙම විරුවන් 05 දෙනාගේ පිළිරු ඉදිරිකිමට ඔහු සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කළේය.

     

    Latest News