වෙඩි වැදී සිටි වන අලියෙකුට ප්‍රතිකාර

මැයි 26, 2019

    වෙඩි වැදීමෙන් එක් ඇසක් නොපෙනෙන කන් නොඇසෙන වන අලියෙකු අල්ලා ප්‍රතිකාර කිරීම සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙන යයි.

    වෙඩි වැදීමෙන් සිරුරේ තුවාල රැසක් සමග තැන තැන ඇවිද යමින් නාඋල අඹන ප්‍රදේශයේ සැරිසැරූ වන අලියා නිර්වින්දනය කොට අල්ලා ගැනීමට ඇලහැර වනජීවී නිලධාරීහු ක්‍රියා කර ඇත. වයස අවුරුදු 40 ත් 45 ත් අතර වූ මෙම වන අලියාගේ ඇඟ පුරා වෙඩි වැදී බරපතල තුවාල 50කට අධික සංඛ්‍යාවක් පවතින බව වනජීවී නිලධාරීහු කියති.

    නිරන්තරයෙන් මෙම වන අලියා මිනිසුන් වෙසෙන ප්‍රදේශවල ඇවිද යෑම නිසා අලියාගේ ජීවිතය අවදානම් තත්වයක පැවතීම හේතුවෙන් මෙම අලියාට වනජීවී නිලධාරීහු 24 දින පස්වරුවේ නිර්වින්දන එන්නත ලබාදී අල්ලා ගෙන ඇත. නිර්වින්දනය කළ අලියා ප්‍රතිකාර කිරීම සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බව වනජීවී නිලධාරීහු පවසති.

    සිරුරේ තුවාල දැඩි ලෙස නරක් වී තිබෙන අතර දැඩි වේදනාවෙන් යුතුව මෙම අලියා සිටින බවත් ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කිරීමට නියමිත බව වනජීවී පශු වෛද්‍ය ඩී. ඒම්. ධර්මකීර්ති මහතා පැවසිය.

    Latest News