වඳ සැත්කම් චෝදනා ලද වෛද්‍යවරයා ගැන කුරුණෑගල රෝහලෙන් විමර්ශනයක්: පොලිස් පරික්ෂණ CID යට (වීඩියෝ)

මැයි 25, 2019

    සැක සහිත අන්දමින් වත්කම් උපයාගැනිම සම්බන්ධයෙන් චෝදනා එල්වි තිබෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද්‍යෛ සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකසහිත අන්දමින් වත්කම් ඉපයිම සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව ඔහු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසය පවසයි. එ අනුව වෛද්‍යවරයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදිය. මෙම වෛද්‍යවරයාට එරෙහි වෙනත් චෝදනා ගණනාවක් ඉදිරිපත්වි ඇති බව කුරුණැගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත්වීර බණ්ඩාර පවසයි

    වඳ සැත්කම් සිදුකල බවට එල්ලවි ඇති චෝදනා සම්බන්ධයෙන් සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆිට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු කියා සිටි.

    "මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිලි අරන් තියෙනවා. ඒ වගේම ඒ සැත්කම් වලින් 4000ක් විතර ඔහු වඳ සැත්කම් කලා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකරනවා. ඊට අමතරව මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේදි අලුත උපන් දරුවෙක්ව වෙනත් පවුලකට ලබාදිලා තියෙනවා. ඒ දරුවා බිහිකරපු මවගේ කැමත්ත මත. හැබැයි එහෙම කරලා තියෙන්නේ දරුවගේ නම වෙනස් කරලා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකලා. ඒ වාර්තාව මේ වෙන කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තියෙන්නෙ" කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියා.

    සැකකටයුතු ලෙස වත්කම් ඉපැයිමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලිසිය විසින් අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවට භාරදි තිබේ.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 23:47

    Latest News