බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා, ශ්‍රී ලංකාවේ නිෂී උග්ගල්ල

මැයි 25, 2019

    බ්‍රිතාන්‍යයේ වෙසෙන දීප්තිමත්ම දරුවා සොයා “චැනල් ෆෝ“ නාලිකාව පවත්වන “චයිල්ඩ් ජිනියස්“ තරගයෙන් මෙවර ජයග්‍රහණය කළේ ශ්‍රී ලාංකික දැරියක්.

    ඔබට මතක ඇති ඇය 12 හැවිරිදි නිෂි උග්ගල්ල. විදෙස් මාධ්‍ය ඇය හඳුන්වා ඇත්තේ “20 වැනි සියවසේ ප්‍රාඥයා ලෙසින් සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් පැරද වූ බුද්ධිමත්ම දැරිය“ ලෙසයි. මෙරට කිසිදු නාලිකාවකට මෙතෙක් අදහස් පළ කර නොමැති නිෂි උග්ගල්ල තමන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව ජාතික රූපවාහිනියට අදහස් පළ කළාය. ඒ “ශ්‍රී ලන්කන් ලිඩ්ස්“ එකමුතුව එක්සත් රාජධානියේ සංවිධාන කළ “ලීඩ්ස්“ සංස්කෘතික මංගල්‍යයට එක්වෙමින්.

    වාර්ෂිකව පවත්වන “චයිල්ඩ් ජීනියස්“ තරගයට මෙවර ද බ්‍රිතාන්‍ය දරුවන් 100කට අධික පිරිසක් අයදුම් කර තිබිණ. එරට වෙසෙන ශ්‍රී ලාංකික දැරියක වන නිෂී උග්ගල්ල ද ඒ අතර විය. තරගයෙන් ඉදිරියටම ගිය ඇය අවසන් මහා තරගයේ බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දැරිය බවට පත්වූයේ සියලු ප්‍රේක්‍ෂකයින් මවිතයට පත් කරමින්. උගත් වැඩිහිටියන්ට පවා පිළිතුරු දීමට අපහසු ගැටලුවලට ඇය පිළිතුරු ලබාදුන්නේ ක්ෂණිකවයි. ජයග්‍රහණයෙන් අනතුරුව නිෂී සිය මාපියන් සමඟ බ්‍රිතාන්‍ය නාලිකාවල සම්මුඛ සාකච්ජා රැසකට ද එක්වූවාය.

    පාසලේ 4වන වසරේ උගත යුතු වුවත් අවසානයේ 6 වසරේ ඉගෙනුම ලැබීමට ද ඇය වරම් හිමිකර ගත්තාය. නිෂි උග්ගල්ල බ්‍රිතාන්‍යයේ “මෙන්සා“ දැනුම මිනුම පරීක්‍ෂණයෙන් ලකුණු 162ක් හිමිකර ගත්තේ, ඇල්බට් අයින්ස්ටයින් ලබා සිටි ලකුණු 160ක වර්තාව ද අභිබවායමින්. කෙසේ වුවද, ජාතික රූපවාහිනියට ඇය ප්‍රකාශ කළේ, 20 වැනි සියවසේ ප්‍රාඥයා ලෙසින් සැලකෙන “ඇල්බට් අයින්ස්ටයින් පැරදවූ බුද්ධිමත්ම දැරිය“ යනුවෙන් විදෙස් මාධ්‍ය තමන් සම්බන්ධයෙන් කළ හඳුන්වාදීම ප්‍රතික්ෂේප කරන බවයි.

    පාදුක්ක ප්‍රදේශයේ පදිංචි නිෂිගේ මාපියන් බ්‍රිතාන්‍යයට ගොස් ඇත්ටෙත් 2001 වසරේදී. සෑම වසරකම තමන් ලංකාවට පැමිණෙන බවයි ඔවුන් විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. නිෂී දැරියගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව ද අප ඇගෙන් විමසීමක් කළාය.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 20:23

    Latest News