ලෝක කුසලානය-ජාතික රූපවාහිනී තේමා ගීතය හෙට එළි දකී

මැයි 25, 2019

    ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට ඇත්තේ, තවත් දින 5ක් පමණි.

    ලෝක කුසලානය වෙනුවෙන් ජාතික රූපවාහිනිය නිර්මාණය කළ විශේෂ තේමා ගීතය එළිදැක්වීම හෙට (26) සිදු කෙරේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන හිමිකරු වන්නේ ද ජාතික රූපවාහිනියයි.

    කැළුම් ශ්‍රීමාල්ගේ පද රචනය සහ සුරේශ් මාලියද්දගේ සංගීතයෙන් නිර්මාණය වූ තේමා ගීතයට ගායනයෙන් දායකත්වය ලබාදෙන්නේ උමාරියා සිංහවංශ, සමන් ලෙනින් සහ සංඛ දිනෙත්. ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක රවීන්ද්‍ර මුණසිංහගේ රූප රචනයෙන් හැඩ වූ ලෝක කුසලානය සඳහා වන තේමා ගීතය හෙට උදෑසන 9.00ට ඉරිදා ආයුබෝවන් වැඩසටහනේ දී එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

    Latest News