ඇක්සා ආරක්ෂක ගිවිසුම පිළිබඳ අමෙරිකානු තානාපතිනිගෙන් පැහැදිලි කිරීමක්

මැයි 24, 2019

    ශ්‍රී ලංකාව සමග ඇක්සා ආරක්ෂක ගිවිසුමට අමෙරිකාව පිවිසුනේ 2007 වසරේදී බව දිවයිනේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටිප්ලිට්ස් මහත්මිය පවසයි.

    ඇය මේ බව සඳහන් කළේ, ඊයේ (23) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

    ඊයේ මහනුවරට පැමිණි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී අලෙයිනා බී ටිප්ලිට්ස් මල්වතු - අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන් බැහැ දුටුවේය.

    ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහ කොමසාරිවරිය මේ බව පැවසීය.

    මේ උපක්‍රමික ගිවිසුම මගින් දෙරටේ නෞකා දෙරටේදීම ආරක්ෂා කර ගැනීමට එකඟතා ඇති කරගෙන තිබේ.

    Latest News