6 ගිය සමුදුර යළි එයි

මැයි 24, 2019

    සිංගප්පුරුවේ සාර්ථක පුහුණු සංචාරයක් නිමකළ ශ්‍රී ලංකා නාවික හමුදා සමුදුර නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇත.

    එහිදී නාවික සම්ප්‍රදායානුකූලව නෞකාව පිළිගැනීම සිදුවු බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

    පසුගිය 06 වැනි දින සිංගප්පුරුව බලා පිටත් වූ සමුදුර නෞකාව එරට පැවති ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රර්ශනයට සහභාගී විය.

    ඊට සමගාමීව පසුගිය 15 වැනි දින සිංගප්පුරු නාවික හමුදාපතිවරයා ද නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

    Latest News