අක්‍රීයව පැවැති ජීව වායු ව්‍යාපෘතියකට යළි පණ දෙයි

මැයි 24, 2019

    දකුණු නාවික විධානයේ අක්‍රීයව පැවැති ජීව වායු ව්‍යාපෘතිය නැවත ක්‍රියාකාරී තත්වයට පත් කර තිබේ.

    දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ස්ථාපිත කර ඇති ජීව වායු ව්‍යාපෘතිය අක්‍රීයව පැවැති අතර, එය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එනම් 2019 මැයි 21 වන දින නැවත ක්‍රියාකාරි තත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ.

    ඒ අනුව දකුණු නාවික විධානය භාර හිටපු ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීරගේ උපදෙස් මත ස්ථාපිත කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ඉවත දමනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් නවීන තාක්‍ෂණික සහාය දකුණු පළාත් සභාවේ විදුලිබල හා පරිසර කටයුතු අමාත්‍යාංශය මඟින් ලබා ගැනීමට කටයුතු කර තිබේ.

    මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය කිරීමයි. එමෙන්ම මෙම වැඩපිළිවෙළ මඟින් පරිසරයට එකතුවන කාබන් ප්‍රමාණය අවම කර ගැනීමට හැකිවන අතර, එය පාරිසරික තිරසාරාත්වය සඳහා දායකත්වය සපයනු ලබයි.

    තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ දූරදර්ශී නායකත්වය යටතේ නීල් හරිත සංකල්පය නාවික හමුදාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 13:40

    Latest News