තව්හිද් ජමාද් ප්‍රබල ක්‍රියාකාරීන් 5ක් හොරොව්පතානෙන් අල්ලයි

මැයි 24, 2019

    තව්හිද් ජමාද් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීන් පස් දෙනෙකු හොරොව්පතාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

    ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, හොරොව්පතාන පොලීසිය විසින්.  මෙම සැකකරුවන් අතර සහරාන් හෂීම් සමග දේශන පැවැත්වූ පුද්ගලයෙකු ද සිටියි.  ඔහු හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙක්.  සැකකරුවන් කුච්චවේලි, අනුරාධපුරය හා ත්‍රිතුණාමලය යන ප්‍රදේශවල දේශන පැවැත්වූ බව ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී තිබේ. 

    ඔවුන් සියලුදෙනා හොරොව්පතාන පොලීසිය බාරයේ පසුවන අතර කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  සැකකරුවන් කැබිතිගොල්ලෑව, හොරොව්පතාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 14:36

    Latest News