අනාරක්ෂිත අසුරා තිබූ රතිඤ්ඤා තොගයක් අත්අඩංගුවට

මැයි 22, 2019

    මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව අනාරක්ෂිත අසුරා තිබූ රුපියල් ලක්ශ 20 ක් පමණ වටිනා රතිඤ්ඤා තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ.

    යුධ හමුදාව විසින් කරනු ලැබූ විශේෂ සෝදිසියකදී මෙම රතිඤ්ඤා තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

    මේ ආකාරයෙන් රතිඤ්ඤා ඇතුලු ගිනිකෙලි භාණ්ඩ තොග වශයෙන් ගෘහ ආශ්‍රිතව තබා ගැනීම නීති විරෝධී වන අතර එය ආරක්ෂාවට තර්ජනයක් බව ආරක්ෂක අංශ පවසයි. සැකකරුවන් 2 ක් අත් අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ සදහා වැල්ලම්පිටිය පොලිසියට භාර දීමට යුධ හමුදාව කටයුතු කර තිබේ.

    Latest News