මූතුර් ගෙංගෙයි පාලම යටින් තවත් අවි ආයුධ

මැයි 22, 2019

    මූතූර් ප්‍රදේශයේ ගෙංගෙයි පාලම යට නාවික හමුදාව සිදුකළ කිමිදුම් මෙහෙයුම මඟින් තවත් අවි ආයුධ කිහිපයක් සොයා ගෙන ඇත.

    පසුගිය තෙදින පුරා ගෙංගෙයි පාලම යට සිදු කරන ලද කිමිදුම් මෙහෙයුම් මඟින් අවි ආයුධ කිහිපයක් සොයා ගනු ලැබිණ.

    ඒ අනුව ඊයේ දිනයේ කළ කිමිදුම් මෙහෙයුම මඟින් තවත් අවි ආයුධ කිහිපයක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි. එහිදී අත් බෝම්බ 07 ක්, ටී 56 පතොරම් 34 ක් සමඟ මැගසින් 01 ක්, ටී 56 ගිනි අවියක කොටසක් සහ ජංගම දුරකථනයක් සමඟ සිම්පතක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙම අවි සහ උපකරණ පිලිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මූතුර්, පොලිසිය වෙත භාර දිමට නාවික හමුදාව විසින් ක්‍රියාකර ඇත.

    gingebridge1 px 900 19 05 2

    Last modified on බදාදා, 22 මැයි 2019 14:26

    Latest News