21 ත්‍රස්තප්‍රහාරය සෙවීමට විශේෂ කාරක සභාවක්....යෝජනාව අද පාර්ලිමේන්තුවට

මැයි 22, 2019

    අප්‍රේල් 21 ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරකසභාවක් පත්කරන ලෙස යෝජනාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා.

    එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 දෙනෙකුගේ අත්සනින් ඉදිරිපත් කර තිබෙන අතර එය අද න්‍යාය පත්‍රයට ද ඇතුලත්කර තිබේ. කරුණු ගණනාවක් යටතේ එම විශේෂ කාරක සභාව ක්‍රියාකළ යුතු බවත් ඊට අදාළ කරුණු බලය පැවරීම් ඇතුළු කරුණු ද යෝජනාවේ සඳහන්. එහි සභාපතිවරයා කථානායකවරයා ලෙස නම්කරනු ලබන අතර එහි සාමාජිකයින් 12 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක් විය යුතු බවයි, යෝජනාවේ සඳහන් වන්නේ. කාරකසභාව පත්කළ දිනයේ සිට මාස 3ක් ඇතුළත හෝ පාර්ලිමේන්තුව නියම කරන දිනයක දී එහි වාර්තාව ලබාදිය යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරෙන විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් බොහෝ දුරට අද දිනයේ දී කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති අතර එම සාමාජිකයින් සඳහා පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුකිරීමට ඉඩ ඇති බවත්, පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

     

     

    Last modified on බදාදා, 22 මැයි 2019 10:54

    Latest News