ධම්මිකට අත්දෑක්ම්වලින් රටට වැඩක් කළ හැකි..... එනවට මම කැමතියි: මුජිබර්

මැයි 20, 2019

    ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීලඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ඇතැම් වෙබ් අඩවිවල හා පුවත්පත් පළ වී තිබේ.

    ධම්මික පෙරේරා මහතා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු කැබිනට් මණ්ඩලයේ ඉතා වැදගත් අමාත්‍යංශ තුනක් වන මුදල්, ආරක්ෂක හා අධිකරණ වෙනුවෙන් පත් කරගතයුතු පුද්ගලයන් පිළිබඳවද අදහස් දැක්වා ඇති බවත් පුවත් වාර්තා ඵල වුයේය.

    ඒ පිළිබඳ අද(20) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පාර්මේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අදහස් දක්වා ඇත. ඔහු පවසන්නේ ඒ පිළිබඳ තමා දැනුවත් නොවන බවයි. නමුත් එම තීරණය ගතයුතු වන්නේ ධම්මික පෙරේරා මහතාම වන අතර එම තීරණය ඉතා හොඳ තීරණයක් බවත් මුජිබර් රහුමාන් කියා සිටි. ධම්මික පෙරේරා දේශපාලනයට පැමිණ ඔහුගේ අත්දැකීම් තුළින් යහපත් දෙයක් රටට කළ හැකිනම් ඊට කිසිවෙකු අකමැති නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    Last modified on සදුදා, 20 මැයි 2019 15:53

    Latest News