සීගිරිය නරඹන්න දස දහසක්

මැයි 20, 2019

    වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසයි.

    මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණයකට අනූව ඊයේ (18) සිට 20 වැනිදා දක්වා දේශීය සංචාරකයන්ට නොමිලයේ සීගිරිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ. මේ හේතුවෙන් සීගිරිය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බවයි බර්නාඩ් මහතා පවසන්නේ. සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සියලු දෙනාටම දැඩි ආරක්ෂාවක් ලබාදී තිබේ.

    Last modified on සදුදා, 20 මැයි 2019 07:58

    Latest News