අපට ඕන බන්ධනාගාර අරින්නට නෙවෙයි වහන්න

මැයි 20, 2019

    ඉදිරියේදී වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාර ගත වන අය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    අවශ්‍ය වන්නේ බන්ධනාගාර අරින්නට නොව වහන්නට යැයි ද අමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කළා. බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කිරීම මෙවර විශේෂත්වයයි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයි මේ අදහස් පළ කළාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයි..

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියට අනුව ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන්නිදහස් කිරීමේ බලතල ජනාධිපතිතුමාට තිබෙනවා.මේ යටතේ අද දිනයේ සිරකරුවන් 762 කට අධික සංඛ්‍යාවක් නිදහස් කර තිබෙනවා.ඔබ සමාජය තුළ යහපත් පුරවැසියන් ලෙස ජීවත් වනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව තමයි ඔබට අද මේ නිදහස ලබාදීලා තියෙන්නේ.

    ඔබට අතිගරු ජනාධිපතිතුමා අද ජනාධිපති සමාව දීලා තියෙනවා.ඔබ ඉවසුවේ නැති නිසා අද මෙතනට ආවා.මෙතනින් ඔබ යන්නට ඕන විනය ගරුක නීති ගරුක මිනිසුන් ලෙසයි.අපිට ඕන බන්ධනාගාර අරින්න නොවෙයි.වහන්නයි.ඉදිරියේදී වරදෙහි ස්වභාවය අනුව බන්ධනාගාර ගත වන අය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා.සිර ගෙවල් විවෘත කිරීමට නෙවෙයි .සිරගෙවල් වහන තත්වයක් ඇති කරන්නයි අපි කටයුතු කළ යුතු වන්නේ.අද පොදු සමාව ලබා සමාජයට යන ඔබ විවිධ වෘත්තීන් සම්බන්ධව පුහුණුවිම් ලබා තිබෙනවා.ඒ අනුව හොද පුරවැසියෙකු ලෙස සමාජය තුළ ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සදහා ජනාධිපති පොදු සමාව ලබාදුන් අතර සියලුම සිරකරුවන් සදහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී පමණක් සිදු කිරීම මෙවර විශේෂත්වය වී තිබුණි.

    Last modified on සදුදා, 20 මැයි 2019 08:10

    Latest News